සෝල් අගනුවර මිය ගිය අය අතර ශ්‍රී ලාංකිකයෙකුත්

සෝල් අගනුවර මිය ගිය අය අතර ශ්‍රී ලාංකිකයෙකුත්

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුමේදී සිදු වූ අනතුරෙන් මියගිය පිරිස අතර ශ්‍රී ලාංකික තරුණයෙකු ද සිටින බව වාර්තාවේ. ඔහු 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි අයෙකු බව හෙළි වී ඇත

එමෙන්ම තවදුරටත් දකුණු කොරිායාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තානාපති අංශ සමඟ සමීපව සොයාබලමින් අවශ්‍ය කටයුතු සිදු කරන බවයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම අනතුරින් 151 දෙනෙකු මියගොස් 82 දෙනෙකු තුවාල ලැබුවා.

මියගිය පිරිසට විදේශිකයන් 19 දෙනෙකු අයත්. ඒ අතර ඉරාන, නෝර්වේ, චීන සහ උස්බෙකිස්තාන ජාතිකයන් ද සිටින බව සඳහන්.

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ද මේ වනවිට සිද්ධිය වූ ස්ථානයට ගොස් ඇති බවයි නවතම විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.