දිනිතිගේ උපන්දිනයට සංගීත් දුන්න සප්‍රයිස් එක
රංගන ක්ෂේත්රයේ වෙනස්ම චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන්ගේ සිත් ස්පර්ශ කළ රංගන ශිල්පිනියක ලෙස දිනිති වල්ගමගේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගෙන සිටින ආදරණීය යුවතියක්.
ඇය සිය රංගන දිවිය එලෙස හැඩගන්වන අතර, වෘත්තිමය වශයෙන් ගුවන් සේවිකාවක් ද වෙනවා.
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බොහෝ පිරිසකගේ අවධානය මෙන්ම කතාබහට ඇය ලක්වනවා.
ඇය හා සංගීත් අතර ඇති කිට්ටු සම්බන්ධතාවය ඇයට ආදරය කරන බොහෝ රසික රසිකාවියන්ගේ අවදානය දිනගෙන ද අවසන්.
සංගීත් සතරසිංහ කියන්නේ කවුද කියලා මේ වන විට ගොඩක් අය දන්නවා, බොහෝ දෙනා ඔහුව හඳුන්වන්නේ සුරන් සතරසිංහගේ පුතා විදිහටයි.
ඉතින් දිනිතිගේ උපන්දිනය ඊයේ (30) යෙදී තිබුණා,
ඇයගේ උපන්දිනය දවසේ සංගීත් සහ යහළුවන් එකතුවෙලා ඇයව පුදුම කරවලා තිබුණා. අවසානයේ ජයටම පාටි එකකුත් දීලා තිබුණා.
ඇයගේ සුන්දර ඡායාරූප පෙලක් පහතින්,