සෑම දිනකම කාන්තාවන් 12ක් පියයුරු පිලිකාවට ගොදුරු වෙයි
මෙරටින් සෑම දිනකම පියයුරු පිලිකාවලට ගොදුරු වූ කාන්තාවන් 12 දෙනෙකු හදුනා ගන්නා බව පිලිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. දිනකට පියයුරු පිලිකාවෙන් කාන්තාවන් දෙදෙනෙකු මරණයට පත්වන බව සඳහන්.
පසුගිය වසරවලට සාපේක්ෂව මේ වනවිට පියයුරු පිළිකා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති අතර රෝගය හඳුනා ගැනීම සඳහා වන පරීක්ෂණ පහසුකම් සහ අවස්ථා පුළුල් වීම හා කාන්තාවන් අදාළ පරීක්ෂා කර ගැනීම් සඳහා පෙරට වඩා වැඩි උනන්දුවක් දැක්වීම හේතුවෙන් මෙලෙස රෝගීන් වාර්තා වීම ඉහළ යාමට හේතුව බවයි එම සංගමය සඳහන් කළේ.
පියයුරු පිළිකා වැළැක්වීම හා ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාසය සෑම වසරකම ඔක්තෝම්බර් මාසයට යෙදී තිබෙනවා.
කාන්තාවන් වියපත් වීමත් සමග පියයුරු පිලිකා වැළදීමේ ඉහළ අවදානමක් පවතින අතර, කලින් හඳුනා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම මෙය සුව කළ හැකි බවයි පිලිකා රෝග විශේෂඥ වෛද්‍ය විමුක්තිනි පීරිස් සඳහන් කළේ.