සින්දු කාමරය අද සදහටම සමුගනී

සින්දු කාමරය අද සදහටම සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පී,අභාවප්‍රාප්ත නිහාල් නෙල්සන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

ඒ,මොරටුව සොයිසාපුර මහල් නිවාස ක්‍රීඩාංගණයේදීයී.

මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කර තිබෙන්නේ මොරටුව රාවතාවත්ත, නිහාල් නෙල්සන් මාවතේ පිහිටි නිවසේයී.

16 වන වියේදී ලස්සනට පිපුණු වන මල් ගල් ගීතය ගායනා කරමින් සංගීත ක්ෂේත්‍රයට පා තැබූ නිහාල් නෙල්සන් මහතා මෙරට ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක් වූ අතර කැසට් පට 114 ක් එළිදක්වමින්, මෙරට වැඩිම කැසට් පට සංඛ්‍යාවකට ගී ගැයූ ගායන ශිල්පියාට හිමි වාර්තාව පිහිට වූ ඔහු, සමාජයේ විවිධ අඳුරු පැතිකඩ ගීතයෙන් නිරූපණය කළේ සියුම් උපහාසයකිනි.

තමාටම අනන්‍ය වූ හැඩයකින් සහෘදයින් රස ගැන්වූ නිහාල් නෙල්සන් මහතා අද(16) අවසන් ගමන් යන්නේ, මෙරට රසික ජනතාවට වටිනා ගීත රැසක් ඉතිරි කරමින්.

COMMENTS