විදුලි බිල වැඩි කිරීම අනිවාර්යයි – ඇමති
ජනවාරි මාසයේ දී අනිවාර්යයෙන් විදුලි ගාස්තු ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (27) ප්‍රකාශ කළා.
ඊට අදාළ යෝජනාව ලබන මස 2 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අතර නව ගාස්තුව ජනවාරි මාසයේ බිලට එක් කිරීමට අපේක්ෂා කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
කර්මාන්තශාලාවලට සහ අඩු ආදායම්ලාභීන්ට නව ගාස්තු සංශෝධනයෙන් සහනයක් ලබාදීමට අවධානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.
එසේම, ඉදිරි මාස තුන තුළ, පූජනීය ස්ථානවලට කිලෝවොට් 5ක සූර්ය පැනයක් නොමිලේ ලබාදීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.