සිංහල සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් දැයෙන් සමුගනී
![සිංහල සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් දැයෙන් සමුගනී සිංහල සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් දැයෙන් සමුගනී](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/sumi.jpg)
සම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරියක සහ නිෂ්පාදිකාවක වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද (21) පස්වරුවේ සිදු කෙරුණි.
ඒ, කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ය.
සම්මානලාභී සිනමා අධ්‍යක්ෂකවරියක සහ නිෂ්පාදිකාවක වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය පසුගිය 19 වනදා කොළඹ පෞද්ගලික රෝහලකදී සිය දිවි ගමනට සමු දුන්නාය.
හොඳම සංස්කරණ ශිල්පිනිය ලෙසත් හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණයටත් හිමි සරසවිය සම්මාන, ජනාධිපති සම්මාන, සිග්නීස් සම්මාන ඇතුළු දේශීය මෙන්ම අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇය මිය යනවිට 88 වන වියෙහි පසු වූවාය.
සොහොයුරියගේ නිවසේ තැන්පත් කර තිබූ ඇයගේ දේහය අද පස්වරු 03.00 ට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රය වෙත රැගෙන එනු ලැබූ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, සිනමාවේදීන් රැසක් එහි පැමිණ තිබුණි.