සොඳුරු මානව හිතවාදියා ඝාතනය කර අදට වසර 35ක්
සිනමාව දික්විජය කළ මානව හිතවාදී සොදුරු මිනිසා, විජය කුමාරණතුංගයන් ඝාතනය කර වසර 35ක් සපිරෙනවා.
විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනෙක් වෙඩි තබා පලා ගොස් තිබුණි.
1945 වසරේ ඔක්තෝබර් 9 වනදා මෙලොව එළිය දුටු විජය කුමාරණතුංගයන් 1967 වසරේ හන්තානේ කතාව චිත්‍රපටයත් සමඟ රංගන ජීවිතය ආරම්භ කළා. එතැන් පටන් හෙළ සිනමාවේ නිම් වළලු පුළුල් කළ විජය සම්මාන රැසක හිමිකරුවෙකු බවට පත්වුණා.
රංගන ශිල්පියෙකු මෙන්ම ගායකයෙකු ලෙසත් 80 දශකයේ රසිකයින් අතර විජය ජනප්‍රියත්වයට පත්වුණා.
දශක 3ක් මෙරට පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය අවසන් කිරීමට විජය කැප වුණේ තම ජීවිතය ද පරදුවට තබමින්. එල්ටීටීඊය සමග සාකච්ඡා කිරීමට ඔහු යාපනයට ගිය ගමන එහිදී විශේෂ වනවා. දකුණේ පමණක් නොව උතුරේ තරුණ තරුණියන් ද විජය දෑතින් වැළඳ ගත්තා. සාහසිකයෙකුගේ වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්වන තෙක්ම විජය ජනතාවට බෙහෙවින් ආදරය කළා. ඒ නිසාම ඔහු අදටත් ශ්‍රී ලාංකිකයින්ගේ හදවත් තුළ ජීවත් වනවා.