ජාතික ජන බලවේගයේ විරෝධතාවයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර
![ජාතික ජන බලවේගයේ විරෝධතාවයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ජාතික ජන බලවේගයේ විරෝධතාවයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/npp-1.jpg)
ජාතික ජන බලවේගයේ විරෝධතාවයට මීට සුළු වේලාවකට පෙර පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
“මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව” ජාතික ජනබලවේගය ආරම්භ කර ඇති විරෝධතා පාගමන හේතුවෙන් මේ වන විට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
ඒ පොලිසිය විරෝධතාකරුවන්ට ඉදිරියට යාමට නොදී මාර්ගය අවහිර කර තිබීම හේතුවෙන්.
මේ වන විට ටවුන් හෝල් අවට මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.
අද දහවල් මෙම විරෝධතා පාගමන ආරම්භ කෙරුණේ විහාරමහාදේවී උද්‍යානය ආසන්නයෙන්.