තුන්වැනි වරටත් ෂී ජින්පිං අතට බලය

තුන්වැනි වරටත් ෂී ජින්පිං අතට බලය

මාඕ සේතුංගෙන් පසු චීනයේ පහළ වූ බලවත්ම නායකයා ලෙස සිය ග්‍රහණය දැඩි කර ගැනීමට ෂී ජින්පිං (Xi Jinping) අද (10) සමත් වුණා.

ඒ චීනයේ ජනාධිපති ලෙස තුන් වැනි වරටත්, පස් අවුරුදු ධුර කාලයක් සඳහා කටයුතු කිරීමට චීන මහජන පක්ෂයේ ඒකමතික අනුමැතිය සහිතවයි.

චීනයේ මහජන මහා ශාලවේ දී ජාතික මහජන කොංග්‍රස් (NPC) සාමාජිකයින් 3,000කට ආසන්න පිරිසක් විසින් ෂී ජින් පිංගේ අපේක්ෂකත්වය ඒකමතිකව තීරණය කළ අතර ජනාධිපති ධුරය සඳහා ෂී හා තරග වැදීමට වෙනත් කිසිදු අපේක්ෂකයෙක් ඉදිරිපත් වී නැහැ.

පැයක පමණ කාලයක් පැවති ඡන්ද විමසීමේ ප්‍රතිඵලය විද්‍යුත් ක්‍රමවේදයක් ඔස්සේ විනාඩි 15ක කාලයක් තුළ ගණන් කළ අතර එහි දී 69 හැවිරිදි ෂී නැවත වතාවක් චීනයේ නායකයා බවට පත් වුණා.

2018 වසරේ දී ජනාධිපති ධුර කාලය සඳහා වූ සීමා කිරීම ඉවත් කිරීමෙන් අනතුරුව ෂී තම තුන්වැනි ධුර කාලය සඳහා වේදිකාව තනා ගත්තා.

පසුගිය ඔක්තෝබරයේ දී චීන පාලක කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ලෙස ඔහු තවත් වසර පහකට සිය ධුර කාලය දීර්ඝ කර ගත් ෂී අද ජනාධිපතිවරයා බවට පත් වූයේ පක්ෂයේ සම්ප්‍රදාය රැකීමේ සිරිතක් වශයෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර නැවත ජනපති ධුරය සඳහා පත් ෂී විසින් ඉදිරි දින දෙක තුළ දී කැබිනට් මණ්ඩලය සඳහා සාමාජිකයන් පත් කෙරෙනු ඇති අතර අග්‍රාමාත්‍යවරයා වශයෙන් ලොව දෙවැනි විශාලත ම ආර්තීකය කළමණාකරණය කිරීමේ වගකීම ලී කෙකියෑන් (Li Qiang) වෙත පැවරෙනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

https://reut.rs/3F7ThhZ