පළමු ඉන්ෆ්ලුවෙන්සා මරණය වාර්තා වෙයි

පළමු ඉන්ෆ්ලුවෙන්සා මරණය වාර්තා වෙයි

ඉන්ෆ්ලුවෙන්සා H3N2 වෛරසයෙන් ඉන්දියාවේ පළමුවරට පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

හර්යානා සහ කර්නාටක ප්‍රාන්ත වලිනුයි මෙම මරණ වාර්තා වී ඇත්තේ.

හොංකොං උණ ලෙසින් ද හැඳින්වෙන, ඉන්ෆ්ලුවෙන්සා එච් ත්‍රී එන් ටූ වෛරසය ආසාදිත 90 දෙනෙකු ගත වූ කාලය තුළ ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ් රෝග ලක්ෂණවලට බොහෝ සමානකම් ඇති මෙම ඉන්ෆ්ලුවෙන්සා H3N2 වෛරසය ආසාදිතයන්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ශ්වසන අපහසුතා මෙන්ම පාචන රෝග ලක්ෂණ ද පෙන්නුම් කරනවා.

https://bit.ly/3yqDEyk