ගොසිප් යූ ටියුබර් පාර්ලිමේන්තුවෙන් දොට්ට

ගොසිප් යූ ටියුබර් පාර්ලිමේන්තුවෙන් දොට්ට

ජපානයේ ජනප්‍රිය ගොසිප් යූටියුබ් තරුවක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එරට පාර්ලිමේන්තුවෙන් නෙරපා තිබෙනවා.

යූ ටියුබ් ඔස්සේ ගොසිප් සම්පාදනය කරන්නෙකු බවට ජනප්‍රිය වී සිටින යොෂිකාසු හිගෂිටානි නැමති මෙම ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉතිහාසයට එක් වන්නේ පාර්ලිමේන්තුවට වාර්තා නොකිරීම හේතුවෙන් ඉන් නෙරපා හරින ලද පළමු නීති සම්පාදකයා ලෙසටයි.

ජපාන සෙනෙට් සභාව විසින් ඊයේ මෙම තීරණය ගනු ලැබුවේ යොෂිකාසු හිගෂිටානි තමා මන්ත්‍රී ධුරයට පත් වූ දා සිට මේ වන තෙක් පාර්ලිමේන්තුවට වාර්තා නොකිරීම සැලකිල්ලට ගනිමින්.

මීට මාස හතකට පෙර එනම් පසුගිය ජූලි මාසයේ දී ඔහු එරට පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වුණ අයෙක්.

YouTube සමාජ මාධ්‍ය තුළ GaaSyy ලෙස වඩාත් ඔහු ගොසිප් වීඩියෝ සඳහා අතිෂය ජනප්‍රිය චරිතයක් බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් එරට පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීම නීති සම්පාදකයෙකුට ලැබිය හැකි බරපතලම දඬුවම වන අතර 1950 සිට එය සිදුවී ඇත්තේ දෙවතාවක් පමණයි.

එයින් දිගින් දිගට ම නොපැමිණීම හේතුවෙන් මන්ත්‍රීවරයකු නෙරපා හරින ලද පළමු අවස්ථාව මෙය යි.

කෙසේ නමුත් ‘නෝ-ෂෝ එම්.පී’ යන අන්වර්ථ නාමය පටබැඳී ඇති ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන බවට විශ්වාස කෙරෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

https://yhoo.it/3laO56i