පුටින් ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

පුටින් ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

රුසියානු ජනාධිපති,ව්ලැඩිමීර් පුටින් එරට ප්‍රකෝටිපතියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

බටහිර සම්බාධක හමුවේ එරට ආර්ථිකය නගා සිටුවීමට දේශීය ආයෝජන සඳහා පමණක් අවධානය යොමු කරන ලෙස රුසියානු ජනාධිපතිවරයා මෙසේ ඉල්ලීමක් කර තිබේ.

යුක්‍රේන ආක්‍රමණය ආරම්භයෙන් පසු ප්‍රථම වතාවට පැවතී ව්‍යාපාරික හමුවක් අමතමින් රුසියානු ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදු කර තිබේ.

එරට ධනපතීන්ගේ කාර්යභාරය මුදල් ඉපැයීම පමණක් නොවන බවත්, සමාජයට උපකාර කිරීම කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසූ බව විදෙස් වාර්තාවල සඳහන් ය.

https://reut.rs/3TrGXiC

COMMENTS