පුටින්ට වරෙන්තු
යුක්රේනයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව අධිකරණය විසින් පුටින්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාව වහාම අත් අඩංගුවට ගන්නා ලෙසයි.
නමුත් මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා වෙනුවෙන් මොස්කව් නුවරින් වාර්තා වන තොරතුරු වන්නේ අදාළ නියෝගය සම්පූර්ණයෙන් ම අර්ථ විරහිත ක්‍රියාවක් බවයි.
රුසියාව සිය අසල්වැසියා වන යුක්රේනයට වසරකට ආසන්න කාලයක් තිස්සේ එල්ල කරන සාහසික ක්‍රියාවන්ට අදාළ චෝදනාව ද නැවත නැවතත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නීතිවිරෝධී ලෙස ළමයින්ව පිටුවහල් කිරීම සහ යුක්රේන භූමියේ සිට රුසියාවට නීතිවිරෝධීව ලෙස පුද්ගලයින්ව මාරු කිරීම සම්බන්ධයෙන් ද පුටින්ට චෝදනා එල්ල වී ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළා.
එම චෝදනා රුසියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස් මාරියා ලෙවෝවා-බෙලෝවාට එල්ල වී ඇති අතර ඇයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
කෙසේවෙතත් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා සිය නිල ට්‍රෙලිග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් කියා ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීරණය නීතිමය දෘෂ්ටි කෝණයක් මිස එය කිසිසේත් ම සිය රාජ්‍යයට අදාළ නොවන බවයි.
ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළ බලපැවැත්වෙන රෝම ප්රඥප්තියේ කිසිදු පාර්ශ්වකරුවෙකු නොවන බවත් ඒ යටතේ කිසිදු වගකීමක් ද තම රට නොදරන බවයි.