රයිගම් ටෙලීස් හොඳම නළුවා ජගත් චමිල, නිළිය වොල්ගා – උමාලි
![රයිගම් ටෙලීස් හොඳම නළුවා ජගත් චමිල, නිළිය වොල්ගා – උමාලි රයිගම් ටෙලීස් හොඳම නළුවා ජගත් චමිල, නිළිය වොල්ගා – උමාලි](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/wolga-umali.jpg)
රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2022 පෙරේදා (25 ) කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
එම වසරේ ජනප්‍රිය නළු නිළියන් ලෙස උද්දික ප්‍රේමරත්න හා දුෂේනි මියුරංගි සම්මානයෙන් පිදුම් ලැබූහ.
මෙවර සම්මාන උලෙළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා ප්රමුඛ කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වසරේ හොඳම ටෙලිනාට්‍ය සහාය නළුවා මයුර කාංචන පෙරේරා (මාණික්කාවත) සහ වසරේ හොඳම ටෙලිනාට්‍ය සහාය නිළිය නයෝමි තක්ෂිලා (අඳුන්ගිර) සම්මානයෙන් පිදුම් ලද අතර වසරේ හොඳම ටෙලිනාට්‍ය ගීත ගායකයා
බාචි සුසාන් (Once Upon a Time in Colombo), වසරේ හොඳම ටෙලිනාට්‍ය ගීත ගායිකාව සශිකා නිසංසලා (පිච්ච මල සුවඳයි) සම්මානයට පාත්‍ර වූහ.
මෙහිදී විශේෂ ප්රණාම සම්මානයක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, ගීත රචකයකු හා නිවේදකයකු වන සමන් ආතාවුදහෙට්ටි මහතාට හා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනි නෙතලි නානායක්කාර මහත්මියට ප්රදානය කෙරිණි. මෙහිදී ජීවිතයේ එක්වරක් ලැබෙන උපහාර සම්මානය කලා ශිල්පිනි වීනා ජයකොඩි මහත්මියට පිරිනැමුවාය.
🔅ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස “පාර දිගේ”
🔅 ජනප්‍රියම නළුවා ” උද්දික ප්‍රේමරත්න “
🔅ජනප්‍රියම නිළිය ” දුශේනි මියුරන්ගී”
🔅 හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂනය”පීතෘ” ආනන්ද අබේනායක
🔅හොඳම ටෙලිනාට්‍ය තිර රචනය”නාමල් ජයසිංහ “පීත”
🔅හොඳම ටෙලිනාට්‍ය “මාණික්කාවත”
🔅හොඳම ටෙලිනාට්‍ය නළුවා- ජගත් චමිල”මාණික්කාවත”
🔅හොඳම ටෙලිනාට්‍ය නිළිය- උමාලි තිලකරත්න “පීත” – වොල්ගා කල්පනී”මාණික්කාවත
🔅 විශිෂ්ටතම ගායිකාව – ශෂිකා නිසංසලා “පිච්ච මල සුවඳයි”
🔅හොඳම සහාය නළුවා- මයුර පෙරේරා ” මාණික්කාවත“
🔅හොඳම සහාය නිළිය – නයෝමි තක්ෂිලා”අඳුන් ගිර”
🔅හොඳම නැගී එන නළුවා -පාලිත අබේරත්න “Once Upon a time in Colombo “
🔅හොඳම නැගී එන නිළිය -නිවර්තනා දේවගේ “ලෝකා”
🔅හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය -“දේවී”
🔅හොඳම කෙටි චිත්‍රපටය “හීන බන්ධන”
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/fea03-650x366.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/337298158_244670277912386_5238279673905196316_n-650x975.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/338179358_195174146569659_6626098298487326932_n-650x975.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/337876745_905331310718349_2819573649328703257_n-650x975.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/338180739_2266427593539887_1931737658075300384_n-650x975.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/337703964_3315456828666098_2857893331004904998_n-1-650x974.jpg)