සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි දිවි රඟ මඬලින් සමුගනී
![සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි දිවි රඟ මඬලින් සමුගනී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි දිවි රඟ මඬලින් සමුගනී](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/sanath.jpg)
ජ්‍යේෂ්ඨ ප්‍රවීන ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
81 වියේ පසු වූ ඔහු මිරිහානේ පිහිටි ඔහුගේ නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙරට සංගීත කලාවේ පුරෝගාමියෙක් ලෙස සංගීත ක්ෂේත්රයට සහ ගායන ක්ෂේත්රයට ඔහු කළ මෙහෙය මේසා විසල් යැයි කිව නොහැකි තරම්.
එමෙන්ම වර්තමානයේ කලා ක්ෂේත්රයේ වැජඹෙන බොහෝ ගායන ශිල්පීන්ගේ සහ සංගීතඥයින්ගේ ගුරුවරයා වූයේ ද ඔහුයි.
ඔහු ගුවන් විදුලියේ මෙන්ම සිනමාවේ ද ප්‍රසංග වේදිකාවේ ද එතැනින් එහා කැසට් පට ගැසූ පරම්පරාව සමඟ ද කරට කර සිටිමින් ද (සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම සමඟ ඔහු කැසට් පටයක් නිර්මානය කර ඇත) ගීත ක්ෂේත්රයේ දශක ගණනාවක් රැඳී සිටි කලාකරුවෙක්.
තවද කොළඹ සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ද ඔහු කලක් කටයුතු කළා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/217897741_219550306840523_7009760231947122022_n-650x403.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/337999765_907888176996440_7796502230629204148_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/337693269_757202549138342_1483846405735094576_n-650x650.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/ras-11-3_0.jpg)