අවුන් සාන් සූ කීගේ පක්ෂය විසුරුවා හැරේ
බලයෙන් නෙරපා දැමීමෙන් පසු, චෝදනා රැසකට මුහුණ දී සිරදඩුවම් විඳින මියන්මාරයේ අවුන් සාන් සූ කීගේ ප්රජාතන්ත්රවාදී ජාතික ලීගය දේශපාලන පක්ෂය විසුරුවා හැර තිබෙනවා.
ඒ මියන්මාර හමුදා රජය හඳුන්වා දී ඇති නව මැතිවරණ නීතිය යටතේ පක්ෂයක් ලෙස ප්රජාතන්ත්රවාදී ජාතික ලීගය නැවත දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි නොවුණු බැවින්.
එම නව මැතිවරණ නීතිය යටතේ මියන්මාර දේශපාලන පක්ෂවලට නැවත ලියාපදිංචි වීම සඳහා පසුගිය ජනවාරි මාසයේ දී මාස දෙකක කාල සීමාවක් ලබා දී තිබුණා.
කෙසේ නමුත්, එම කාල සීමාව ඇතුළත, මියන්මාරයේ දේශපාලන පක්ෂ 90 අතරින් නැවත ලියාපදිංචි වීම සඳහා අයැදුම් කර තිබුනේ පක්ෂ 50ක් පමණයි.