රුසියානු ආක්‍රමණයෙන් යුක්රේන ක්‍රීඩකයන් 262ක් මියයයි

රුසියානු ආක්‍රමණයෙන් යුක්රේන ක්‍රීඩකයන් 262ක් මියයයි

යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය හේතුවෙන් සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 262 කු මියගොස් ඇති බව යුක්රේන ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම යුක්රේනයේ ක්‍රීඩාංගන ඇතුලු ක්‍රීඩාගාර 363ක් ද ආක්‍රමණය හේතුවෙන් විනාශ වී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

ජාත්‍යන්තර ජිම්නාස්ටික් සම්මේලනයේ සභාපතිවරයා සමඟ පැවති හමුවකදී ද යුක්රේන ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රුසියාවේ කිසිදු ක්‍රීඩකයෙකුට ඔලිපික් හෝ වෙනත් ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා සහභාගිවීමට ඉඩ ලබානොදිය යුතු බවටයි.

https://reut.rs/40VLTPk

COMMENTS