රුසියානු ආක්‍රමණයෙන් යුක්රේන ක්‍රීඩකයන් 262ක් මියයයි
යුක්රේනයේ රුසියානු ආක්‍රමණය හේතුවෙන් සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 262 කු මියගොස් ඇති බව යුක්රේන ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම යුක්රේනයේ ක්‍රීඩාංගන ඇතුලු ක්රීඩාගාර 363ක් ද ආක්‍රමණය හේතුවෙන් විනාශ වී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
ජාත්‍යන්තර ජිම්නාස්ටික් සම්මේලනයේ සභාපතිවරයා සමඟ පැවති හමුවකදී ද යුක්රේන ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රුසියාවේ කිසිදු ක්‍රීඩකයෙකුට ඔලිපික් හෝ වෙනත් ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා සහභාගිවීමට ඉඩ ලබානොදිය යුතු බවටයි.