රාහුල් ගාන්ධි කළ අභියාචනය ඉන්දීය අධිකරණය ඉවත දමයි

රාහුල් ගාන්ධි කළ අභියාචනය ඉන්දීය අධිකරණය ඉවත දමයි

රාහුල් ගාන්ධි විසින් 2019 දී ‘සියලු හොරුන්ට මෝදි යන වාසගම පොදු වන්නේ ඇයි’ යන ප්‍රකාශය සම්බන්ධයෙන් වන අපහාස නඩුවේදී අපහාසයට වරදකරු වීම වළක්වන්නැයි ඔහු කළ අභියාචනය ඉන්දීය අධිකරණය විසින් ඊයේ (19) දින ප්‍රතික්ෂේප කළා.

ඒ ඔහු අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු වරදකරු කර වසර දෙකක සිර දඬුවමක් නියම කළ පහළ අධිකරණ නියෝගය අත්හිටුවන ලෙස කළ අභියාචනයයි.

ඔහුගේ අභියාචනයේදී රාහුල් ගාන්ධි සැසිවාර අධිකරණයට කියා සිටියේ, උපරිම දඬුවම් අවශ්‍ය නොවන බවත්, නඩු විභාගය සාධාරණ නොවන බවත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටි බවයි.

මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව “අමුතු” එකක් වූයේ නඩුකාර උසාවියේ විනිසුරුවරයා විසින් වාර්තාගතව ඇති සියලුම සාක්‍ෂි ප්‍රකාශ කළ නිසා බව රාහුල් ගාන්ධිගේ නීතිඥවරයා අධිකරණයට පවසා සිටියා.

ඔහුගේ ආයාචනයට විරුද්ධ වෙමින් පැමිණිලිකරු පූර්ණේෂ් මෝදි කියා සිටියේ රාහුල් ගාන්ධි නැවත නැවතත් වැරදි කරන අයෙකු බවත් ඔහු එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැදීම ප්‍රතික්ෂේප කළ බවත්ය.

https://reut.rs/43LydbN

COMMENTS