සිනමා අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන් දිවිසැරිය නිම කරයි
![සිනමා අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන් දිවිසැරිය නිම කරයි සිනමා අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන් දිවිසැරිය නිම කරයි](https://www.mynewslanka.com/wp-content/uploads/2023/04/luvi.jpg)
සිනමා අධ්‍යක්ෂවරයෙක්, තිරකතා රචකයෙක් නිෂ්පාදකවරයෙක් සහ ගීත රචකයෙක් ලෙස මෙරට සිනමාවට විසල් මෙහෙවරක් කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් අද (20) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
බිඳුණු හදවත්, පෙම් කුරුල්ලෝ, සජා (සම අධ්‍යක්ෂණය), බෝනික්කෝ 1-2, මව්බිම නැත්නම් මරණය, ජූරිය මමයි, ඇගේ වෛරය 1 -2 – 3 – 4, දඩබිම, සෙල්ලම් කුක්කා, වියරු ගැහැනියක්, ගිනිගත් හෝරාව, මිස් ඩයිනමයිට් ඇතුළු සිංහල චිත්‍රපට 34ක් ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.
ආන්දෝලානාත්මක චිත්‍රපට රැසක් තැනූ ලුවී සම්මානනීය ඉංග්‍රිසි නවකතාකරුවකු හැටියට ද ප්‍රසිද්ධයි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/04/342498330_179389741705548_4723021867279480696_n.jpg)