ජපානය උතුරු කොරියාවේ චන්ද්‍රිකාවක් බිම හෙලීමට සැරසෙයි

ජපානය උතුරු කොරියාවේ චන්ද්‍රිකාවක් බිම හෙලීමට සැරසෙයි

උතුරු කොරියාව විසින් දියත් කිරීමට නියමිත ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව අවශ්‍ය නම් මිසයිල ප්‍රහාර එල්ල කර විනාශ කිරීමට තමන්ට හැකියාව පවතින බව ජපානය පවසනවා.

ජපාන ආරක්ෂක අමාත්‍ය යසුකාසු හමාඩා එරට හමුදාවට අණකර ඇත්තේ ඒ සඳහා සූදානමින් සිටින ලෙසයි.

උතුරු කොරියාව පසුගිය බදාදා නිවේදනය කළේ අමෙරිකාවෙන් සහ දකුණු කොරියාවෙන් එල්ල වන තර්ජනවලින් ආරක්ෂා වීමට මෙලෙස සිය පළමු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට පියවර ගන්නා බවයි.

එය මේ වනවිට අවසන් අදියරේ පවතින බවද උතුරු කොරියානු රජය සඳහන් කළා.

https://bit.ly/3H6vFeJ