දෙවන ලෝක සංග්‍රාමයේදී මුහුදු බත්වූ නෞකාවක් පිලිපීන මුහුදෙන් මතුවෙයි

දෙවන ලෝක සංග්‍රාමයේදී මුහුදු බත්වූ නෞකාවක් පිලිපීන මුහුදෙන් මතුවෙයි

දෙවන ලෝක සංග්‍රාමයේදී දහසකට අධික පිරිසක් සමඟ මුහුදුබත් වූ ජපන් ප්‍රවාහන නෞකාවක සුන්බුන් පිලිපීනයට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී ගවේශකයන් විසින් සොයාගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සමුද්‍ර පුරාවිද්‍යා කණ්ඩායමක් වන සයිලන්ට්වර්ල්ඩ් පදනම මගින් මෙහෙයවන ලද ෆුර්ගෝ නම් සමාගම මෙම ගවේෂණයට එක්ව තිබුණා.

අඩි 13,123 කට වැඩි ගැඹුරෙන් සොයාගත් මොන්ටෙවීඩියෝ මරු නෞකාවට වැරදීමකින් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කර තිබුණේ 1942 වර්ෂයේ ජූලි මාසයේදී ඇමරිකානු සබ්මැරිනයක් විසින්.

පැපුවා නිව්ගිනියාවේදී අත්අඩංගුවට ගත් ඔස්ට්‍රේලියානු ජාතිකයන් 979 ක්, නෝර්විජියානු නාවිකයන් 33 ක් ජපන් ආරක්ෂකයින් සහ කාර්ය මණ්ඩලය විසි දෙනෙකු සිට ඇති බවයි වාර්තාවී තිබුණේ. .

https://bbc.in/41w7L4q