ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමක්
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ජැස්පර් ප්‍රදේශයේ සාදයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් තරුණ 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ 250 කට වැඩි පිරිසක් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පිරිසගේ තත්වය බරපතල නොවන බව සඳහන්.
වෙඩි තැබීම කවුරුන් සිදුකළේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.