මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළට
පසුගිය මාසයක කාලය තුළදී ලොව පුරා පිහිටි මුහුදු ජලයේ උෂ්ණත්වය වාර්තාගත අයුරින් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයන් විසින් අනාවරණය කර තිබෙනවා
ඇමෙරිකානු සාගර හා වායුගෝලීය අධිකාරිය විසින් ඉකුත් මාසයක කාලය තුළදී චන්ද්‍රිකා ආශ්රයෙන් රැස් කරගත් දත්තවලට අනුව ලොව පුරා පිහිටි මුහුදු ජලයේ උෂ්ණත්වය පෙර වසරට වඩා ඉතා විශාල ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි පවසන්නේ.
එම හේතුවෙන් දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම ශීඝ්‍රයෙන් වැඩි වන බව ද ඔවුන් පෙන්වා දෙනවා.
බ්‍රිතාන්‍ය – ඇන්ටාක්ටික් සමීක්ෂණයේ මහාචාර්ය මයිකල් මෙරදීත් පවසනුයේ ලොව පුරා මුහුදු ජලය මෙලෙස වේගයෙන් ඉහළ යෑම අවධානය යොමු කළ යුතු කරුණක් බවත් මෙය ඉතාමත් දරුණු යමක් ඇති වීමට මූලාරම්භයක් විය හැකි බවයි.
දේශගුණික විපර්යාසයන්ගේ වෙනස් වීම මත මුහුදු ජලය මෙසේ ශීඝ්‍රයෙන් උණුසුම් වීම මුහුදු ජල මට්ටම ඉහළ යෑම, අයිස් කඳු දියවීම වේගවත් වීම, මුහුදේ වාසය කරන ඇතැම් ජීවින්ගේ පැවැත්ම අඩු වීමටත් සහ කොරල් පර දිය වී යෑමටත් හේතුව මෙය වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඇතැම් විද්‍යාඥයන් පවසනුයේ මෙම තත්ත්වය දේශගුණික විපර්යාසයන් ඇස්තමේන්තු කරන ලද ප්‍රමාණයටත් වඩා වැඩි වේගයකින් සිදුවන බවට පෙන්වන සංඥාවක් විය හැකි බවයි.