පැරගුවේ රාජ්‍යයේ නව ජනපති
පැරගුවේ රාජ්‍යයේ පැවති ජනාධිපතිවරණයෙන් සන්තියාගෝ පෙන්යා ජයග්‍රහණය කර තිබෙනවා.
කන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වු සන්තියාගෝ පෙන්යා 42.7%ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂක මධ්‍ය වාමාංෂික එෆ්රයින් ඇලග්‍රේ මැතිවරණ පරාජය පිළිගෙන තිබෙනවා.
එරට පාලක කොළරාඩෝ පක්ෂය හා එක්ව සන්ධානයකින් සන්තියාගෝ පෙන්යා මැතිවරණයට ඉදිරිපත් වු අතර ඔහුගේ ජයග්‍රහණයත් සමග කෝළරාඩෝ පක්ෂයේ බලය ද යළි තහවුරු වනවා.
එමෙන්ම තායිවානය සමග තිබෙන රාජතාන්ත්‍රික සබදතා නව ජනාධිපතිවරයා යටතේ තවදුරටත් ශක්තිමත් වනු ඇති බවටයි විශ්ලේෂකයන් මත පළ කරන්නේ.