පාසලක වෙඩි තැබීමක් – සිසුන් 8කට දිවි අහිමි වෙයි
සර්බියාවේ බෙල්ග්රෙඩ් අගනුවර පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් 08 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්රහාරයෙන් තවත් සිසුන් හයදෙනෙකු සහ ගුරුවරයෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම ප්රහාරය සම්බන්ධයෙන් එම පාසලේම 14 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ පියාගේ ගිනි අවිය භාවිත කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසය සැක කරන්නේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.