රුසියාවේ වේග්නර් සටන් කණ්ඩායම් බක්මූට් අතහරී

රුසියාවේ වේග්නර් සටන් කණ්ඩායම් බක්මූට් අතහරී

රුසියාවේ වේග්නර් සටන් කණ්ඩායම් ලබන 10 වනදා යුක්‍රේනයේ බක්මූට් ප්‍රදේශයෙන් ඉවත් කර ගන්නා බව එම සටන් කණ්ඩායමේ නායක යිෆ්ගෙනී ප්‍රිගෝසින් ප්‍රකාශ කරනවා.

ඔහු පසුගියදා බක්මූට් ප්‍රදේශය නිරීක්ෂණය කළ අතර එහි දී ගැටුම්වලින් මියගිය වේග්නර් සටන්කාමීන්ගේ සිරුරු සම්බන්ධයෙන් ද වීඩියෝවක් නිකුත් කර තිබෙන බව සඳහන්.

කෙසේ වෙතත් ඔහු චෝදනා කරන්නේ තම සටන්කාමීන් මියයාමේ සිද්ධියට රුසියාවේ ආරක්ෂක අංශ ද වගකිව යුතු බවයි.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම සටන්කාමීන්ට අවි ආයුධ හිඟයක් ද පවතින බවයි.

https://bbc.in/3AWNr0q