රුසියාව සහ යුක්රේනය පෙර සූදානම් ක්‍රියාමාර්ග ගනී
රුසියාව සහ යුක්රේනය දෙරටටම ප්‍රහාර එල්ල වන බවට ලද තොරතුරු හේතුවෙන් පෙර සූදානම් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
රුසියාව පවසන්නේ තම පාලනයේ පවතින ක්රිමියාවට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර 10කට වැඩි සංඛ්‍යාවක් එල්ලවී ඇති බවයි.
මේ අතර රුසියා ගුවන් ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ කිවු අගනුවර අනතුරු ඇඟවීමේ සයිරන් නාදකර ඇති බව වාර්තා වෙනවා.
රුසියා පාලනයේ පවතින සපෝරිෂිසා න්‍යෂ්ටික බලාගාරය අවට ජනතාව ඉවත් කිරීමට මේ වනවිට රුසියාව කටයුතු කරමින් සිටිනවා.
ඒ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වන බවට ලද බුද්ධි තොරතුරකට පසුවයි.
කෙසේ වෙතත් යුක්රේනය පවසන්නේ යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සපෝරිෂිසා බලාගාරයට ප්‍රහාර එල්ල කිරීමේ කිසිඳු සූදානමක් තමන්ට නොමැති බවයි.