ඉම්රාන් ඛාන් අත්අඩංගුවට
පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
අග්‍රාමාත්‍ය ධුරය දරණ සමයේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයන්හිදී තමන් වෙත ලැබුණු ත්‍යාග සහ ප්‍රදානවල වටිනාකම අඩුවෙන් තක්සේරු කර ඉදිරිපත් කිරීම ඔහුට එල්ලවන එක් චෝදනාවක්.