ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට අධිකරණ නියෝගයක්

ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට අධිකරණ නියෝගයක්

පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ලෙස හදුන්වමින් ඔහු වහාම නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.

අල්-කදර් භාරයේ නඩුවේදී ඔහු අත්අඩංගුවට ගැනීමට එරෙහි අභියාචනය විභාග කරන අතරතුර, පකිස්ථාන අගවිනිසුරු උමාර් අටා බන්ඩියල්ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්, ඔහු අත්අඩංගුවට ගත් ඉස්ලාමාබාද් මහාධිකරණයට ප්‍රවේශ වන ලෙසයි ඉම්රාන් ඛාන්ට දන්වා ඇත්තේ.

පාකිස්තානයේ ජාතික වගවීමේ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන සිටි ඉම්රාන් ඛාන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන ආ බව‍යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග පාකිස්තානයේ පැවති විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

පොලීසිය සහ විරෝධතාකරුවන් අතර පැවැති ගැටුම්වලින් විරෝධතාකරුවන් 08 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විරෝධතාකරුවන් 1750 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරෝධතා අතරතුර කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 1400ක පමණ පිරිසක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

https://news.sky.com/story/pakistans-supreme-court-says-imran-khans-arrest-was-illegal-and-orders-his-release-12878479

COMMENTS