මෝදිට කර්නාටක ප්‍රාන්තයේ බලය අහිමි වෙයි

මෝදිට කර්නාටක ප්‍රාන්තයේ බලය අහිමි වෙයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බලය අහිමිවී තිබෙනවා.

ඒ පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂය අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟයි.

මෙවර කර්නාටක ප්‍රාන්ත මැතිවරණයේදී කොංග්‍රස් පක්ෂය මන්ත්‍රී ධුර 135 ක් ලබා ගත් අතර, භාරතීය ජනතා පක්ෂයට ලබා ගත හැකිවූයේ මන්ත්‍රී ධුර 66 ක් පමණයි.

වසර 30 කට පසු ඉන්දීය කොංග්‍රස් පක්ෂය ලැබූ වාර්තාගත ජයග්‍රහණයක් ලෙසයි මෙය සැලකෙන්නේ.

මේ අතර, මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව කර්නාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා සුදුස්සෙකු පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

කොංග්‍රස් පක්ෂයේ කාර්නාටක ප්‍රාන්ත නායක ඩී.කේ.සිවකුමාර් සහ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු මෙන්ම, ප්‍රාන්ත විපක්ෂ නායකවරයා ද වන සිද්ධරාමයියා යන දෙදෙනාම මේ වනවිට ප්‍රධාන අමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් පසුවන බැවින් ප්‍රධාන අමාත්‍ය ධුරයේ පත් කිරීම මේ වනවිට අර්බුදයක් බවට ද පත්ව ඇති බවයි ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ.

https://n.pr/3M6bgrN