දකුණු කොරියාවේ කොවිඩ් යළි හිස ඔසවයි

දකුණු කොරියාවේ කොවිඩ් යළි හිස ඔසවයි

දකුණු කොරියාවේ කොවිඩ් රෝගීන් වාර්තාවීම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පෙරේදා දිනයේ දී එරටින් කොව්ඩ් රෝගීන් 26,147ක් වාර්තා වී ඇත.

ඊයේ දිනයේ එරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 11කි.

පවතින කොවිඩ් නීති ලිහිල් කිරීම මෙලෙස රෝගීන් ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහල යෑමට හේතු වී ඇති බව ද එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

දකුණු කොරියාව තුළ කොවිඩ් වසංගතය පැතිරීම ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුළ රෝගීන් 31,465,107 ක් වාර්තා වී තිබේ.

COMMENTS