ජංගම දුරකථන සහ උපාංග වල මිල අඩුවෙන ලකුණු

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.
කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා මෙම පියවර ගන්නා බවයි.
ඒ අනුව, තොග අවසන් වූ වහාම එම වාසිය ජනතාවට ලබාදෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.