ලොව පළමු වරට කෘත්‍රිම මානව කළලයක්

ලොව පළමු වරට කෘත්‍රිම මානව කළලයක්

ලොව පළමු වරට කෘත්‍රිම මානව කලලයක් නිර්මාණය කිරීමට අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් සමත් වී ඇතැයි Cnn පුවත් සේවය වාර්තා කරනවා.

මෙම කලලය නිර්මාණය කිරීමට හැකිව ඇත්තේ ඩිම්බ සෛල සහ ශුක්‍රාණු සෛල නොමැතිවයි.

ප්‍රාථමික මට්ටමේ පවතින මේ කෘත්‍රිම කලලයට ස්පන්දනය වන හදවතක් සහ මොළයක් නොමැති නමුත් ජානමය රෝග සහ ගබ්සා වීම්වලට හේතු සොයා ගැනීමට මෙය අනාගතයේදී ඉවහල් වනු ඇති බව පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සොයාගැනීමත් සමග අනාගතයේදී මෙවැනි කෘත්‍රිම මානව කලල නිර්මාණය සහ භාවිත කිරීම සම්බන්ධව නීති රෙගුලාසිවල අවශ්‍යතාවක් මතුවන බව විදෙස් වාර්තාවල සඳහන්.

https://tinyurl.com/muwk2nd6