ලොව ජීවත්වීමට හොඳම නගර 10 නම් කෙරේ

ලොව ජීවත්වීමට හොඳම නගර 10 නම් කෙරේ

“The Economist” විසින් ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර සම්බන්ධයෙන් අලුත්ම වාර්තාව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස නම්කර ඇත්තේ ඔස්ට්‍රියාවේ වියානා නගරය බවයි වාර්තා වෙන්නේ.

වසර 5ක් තුළ වියානා නගරය එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වූ තෙවැනි අවස්ථාව මෙය වූ බව සඳහන්.

මෙම වාර්තාව සැකසීමේදී ලොව නගර 173ක් විවිධ කරුණු මත ශ්‍රේණිගත කර තිබුණු අතර සෞඛ්‍ය, අධ්‍යාපනය, ස්ථායිතාවය, යටිතල පහසුකම් සහ පරිසරය යන කරුණු අදාළ ශ්‍රේණිගත කිරීම සඳහා යොදාගෙන තිබුණු බවයි වාර්තා වෙන්නේ.

එම ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇති නගර 10 වන්නේ මෙම නගරයි.

  1. වියානා – ඔස්ට්‍රියාව
  2. කෝපන්හේගන් – ඩෙන්මාර්කය
  3. මෙල්බර්න් – ඔස්ට්‍රේලියාව
  4. සිඩ්නි – ඔස්ට්‍රේලියාව
  5. වැන්කුවර් – කැනඩාව
  6. සුරික් – ස්විස්ටර්ලන්තය
  7. කැල්ගරි – කැනඩාව
  8. ජිනීවා – ස්විස්ටර්ලන්තය
  9. ටොරොන්ටෝ – කැනඩාව
  10. ඔසාකා – ජපානය

https://tinyurl.com/yn6c255a