රුසියානු නායකයින් සමඟ බල අරගලයක යෙදී සිටින වැග්නර් තවත් නගරයක් අල්ලයි

රුසියානු නායකයින් සමඟ බල අරගලයක යෙදී සිටින වැග්නර් තවත් නගරයක් අල්ලයි

කැරලිකාර වැග්නර් කුලී හේවා බලකාය රුසියාවේ තවත් නගරයක් ඊයේ පස්වරුව වනවිට අත්පත් කර ගත් අතර ඒ අනුව රුසියානු පාලනයේ පැවති නගර දෙකක් ඔවුන්ගේ ග්‍රහණයට නතුව තිබෙනවා.

වැග්නර් බලකාය විසින් රුසියානු පාලනය යටතේ පැවති නැගෙනහිර යුක්රේනයට මායිම්ව පිහිටි රොස්තොව් නගරය පළමුව අත්පත් කරගත් අතර අද පස්වරුවේ ඔවුන් වෙරොනිෂ් නගරයේ බලය ද අත්පත් කර ගත් බවයි ප්‍රකාශයට පත් කළේ.

රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයේ දී රුසියාවට සහය ලබාදෙන කුලී හේවා බලකායක් ලෙසයි වැග්නර් සන්නද්ධ කණ්ඩායම කටයුතු කරනු ලබන්නේ.

රුසියාවට සහය දැක්වීමට ඉදිරිපත් වූ වැග්නර් බලකායට අයත් ප්‍රදේශයකට රුසියානු හමුදාව විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් ඔවුන් රුසියානු පාලන යටතේ පැවති ප්‍රදේශ ආක්‍රමණය ආරම්භ කළා.

මේ අතර, වැග්නර් කණ්ඩායමේ ප්‍රධානියා යොමු කළ ශ්‍රව්‍ය පණිවුඩයක් මගින් සඳහන් කර තිබුණේ රුසියානු හමුදා නායකත්වය පෙරලා දැමීමට තම කණ්ඩායම් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර, කැරලිකාර වැග්නර් කුලී හේවා බලකාය සිදු කරන කුමන්ත්‍රණය පාවාදීමක් සහ රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක් බව රුසියානු ජනාධිපති පුටින් ජාතිය අමතමින් ප්‍රකාශ කර තිබෙනවා.

රුසියානු රජයට එරෙහිව ක්‍රියාත්මක ආක්‍රමණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනපති පුටින් සඳහන් කළේ වැග්නර් කුලී හේවා බලකායට එරෙහිව දැඩි දඩුවම් ක්‍රියාත්මක කරන බවයි.

https://tinyurl.com/2yu76hmj