ජූලි මුල ගෑස් සිලින්ඩරයක මිල අඩු වෙයි

ජූලි මුල ගෑස් සිලින්ඩරයක මිල අඩු වෙයි

අඛන්ඩව හතරවන වරටත් ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල ලබන මස මුලදී යළිත් අඩු කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

ඒ අනුව ඉදිරියේදී නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.

පසුගිය පස්වනදා ලිට්රෝ සමාගම විසින් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළ අතර, ඒ අනුව මේ වනවිට එය රුපියල් 3,186ක්ට අලෙවි වනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181 කින් අඩුවුණා. එය රුපියල් 1,281 මිලකට මේ වනවිට අලෙවි කෙරෙන අතර, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයේ මිලද රුපියල් 83 කින් අඩු කෙරුණා.