බස් රථ අනතුරකින් 20කට තුවාල

බස් රථ අනතුරකින් 20කට තුවාල

ඇහැළියගොඩ ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 20දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසලදී මෙම අනතුර සිදුව ඇත්තේ වාහන හතරක් ගැටීමෙන්.

රක්වාන සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් අසල නවතා තිබූ සුඛෝපභෝගී බස් රථයක පිටුපස ගැටී ඇති අතර එම බස රථය ඉදිරියේ නවතා තිබූ මෝටර් සයිකලයක සහ වෑන් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මාර්ගයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු ද තුවාල ලැබූවන් අතර වනවා.

COMMENTS