ලංකාවේ රිලව් චීනෙට යවන්නේ නැහැ – ප්‍රතිඥාවක්

ලංකාවේ රිලව් චීනෙට යවන්නේ නැහැ – ප්‍රතිඥාවක්

මෙරට රිලව් චීනයට අපනයනය කිරීමක් නොකරන බවට වනජීවි දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදුන්නා.

මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර ක්‍රියාකාරීන් පිරිසක් රීට් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එය කැදවූ අවස්ථාවේයි වනජීවි දෙපාර්තමෙන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා මෙම දැනුම් දීම සිදුකළේ.

එහිදී විනිසුරු මඩුල්ල රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට දන්වා සිටියේ මෙම ප්‍රතිඥාව ලිඛිතව පෙත්සම්කාර පාර්ශ්වයට ලබා දෙන ලෙසයි.

ඊට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එකඟතාව පළකළ අතර පෙත්සම ලබනමස 06 වනදා කැදවීමට නියෝග කෙරුණා.

COMMENTS