ඉරානයේ පොලීසියකට සන්නද්ධ ප්රහාරයක් – 6ක් මරුට
ඉරානයේ පොලිස් ස්ථානයක් වෙත කඩා වැදුණු ආයුධ සන්නද්ධව පැමිණි කණ්ඩායමක් එල්ල කළ මරාගෙන මැරෙන ප්රහාරයකින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර එල්ල කළ ප්රහාරකයන් 4 දෙනෙකු එලෙස මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පොලිස් අත්අඩංගුවේදී කුර්දි කාන්තාවක් මියයාමේ සිද්ධියෙන් අනතුරුව රට පුරා නොසන්සුන්තා රැල්ලක් හට ගත් අතර එහි ප්රතිඵලයක් ලෙස මෙම ප්රහාරය එල්ල කරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.