ජීවත්ව සිටින අයට වඩා මියගිය අය සඳහා බර ගණනක් ගෙවියයුතු නගරය

ජීවත්ව සිටින අයට වඩා මියගිය අය සඳහා බර ගණනක් ගෙවියයුතු නගරය

ලොව මිල අධිකම දේපල වෙළඳපොළට හිමිකම් කියනු ලබන හොංකොං නගරයේ ජීවත් වන පුද්ගලයකුට වඩා මිය ගිය තැනැත්තකුට නිවහනක් සොයා ගැනීම මිල අධික කටයුත්තක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

හොංකොං නගරයේ පවුලේ සාමාජිකයන් අට දෙනකුගේ භෂ්මාවශේෂ තැන්පත් කළ හැකි ඉඩ ප්‍රමාණයක් ඇමෙරිකානු ඩොලර් 430000 ක් පමණ වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.

එම මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 130 ක්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හොංකොං නගරයේ මියගිය තැනැත්තෙකුගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා සපත්තු පෙට්ටියක ප්‍රමාණයක ඉඩක් මිලදී ගැනීමට මියගිය තැනැත්තාගේ පවුලේ සාමාජිකයන්ට ඇමෙරිකානු ඩොලර් 53000 ක මුදලක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි හැට ලක්ෂයක් පමණ) වැය කිරීමට සිදුවන බවයි.

එසේම දෙදෙනෙකුගේ භෂ්මාවශේෂ තැන්පත් කළ හැකි ඉඩ ප්‍රමාණයක් ඇමෙරිකානු ඩොලර් 76000ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක්) පමණ වන බවයි.

https://tinyurl.com/2p8zwmte