කියෙව් අගනුවරට රුසියාවෙන් දැඩි ප්‍රහාරයක්
රුසියාව අද (11) යුක්රේනයේ කියෙව් අගනුවර ඇතුලු ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.
කළු මුහුදේ ඔඩෙසා වරාය මෙන්ම කර්සන් දකුණු ප්‍රදේශය ද ප්‍රහාරවල ඉලක්ක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ලිතුවේනියාවේ දී නේටෝ සමුළුවක් ආරම්භවීමට ආසන්නව තිබිය දී රුසියාව මෙලෙස ප්‍රහාර දියත් කර තිබීම ද විශේෂත්වයක්.
ප්‍රහාර මාලාවෙන් එක් අයෙකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වුණා.
මේ අතර යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කරමින් සිටින අතර, තමන්ට ඊට අවස්ථාවක් නොලැබෙන්නේ නම් එය විකාරයක් බවට ද ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
එහෙත් නේටෝ සාමාජික රටවල් ඒ පිළිබඳ මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති අතර, ඔහුට ඍජු ආරාධනයක්ද සිදුකර නැහැ.