තවත් ලෝක යුද්ධයක් ගැන අනතුරු ඇඟවීමක්
යුක්රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම හරහා තවත් ලෝක යුද්ධයක් ආරම්භවන බවට රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් දිම්රිති මෙඩ්වෙඩෙව් අනතුරු අඟවනවා.
නේටෝ සංවිධානයේ හෝ බටහිර යුද ආධාර හේතුවෙන් රුසියාවේ ජයග්‍රහණය කිසි ලෙසකින් අඩාළ කළ නොහැකි බවයි දිම්රිති මෙඩ්වෙඩෙව් පවසන්නේ.
කෙසේ වුවද ඔවුන්ගේ මැදිහත්වීම හරහා තෙවන ලෝක යුද්ධයක් ඇතිවීම වළක්වාලිය නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා. එමෙන්ම න්‍යෂ්ටික යුද ගැටුමක් ඇති වීමේ සම්භාවිතාවක් පවතින බවට ද දිම්රිති මෙඩ්වෙඩෙව් අනතුරු අඟවනවා.
විශේෂ යුද මෙහෙයුම් සිදු කිරීම හරහා යුක්රේනයට සාමය හා නිදහස ලබාදීම රුසියාවේ අරමුණ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
2012 වසරේ සිට 2008 වසර කක්වා දිමිත්‍රි රුසියාවේ ජනාධිපති ධුරය හෙබෙවූ අතර මේ වන විට එරට ප්රබලතම තනතුරක් වන ආරක්ෂක කවුන්සලයේ නියෝජ්‍ය ලේකම් ධුරය හොබවනවා.