සඳ මෙහෙයුමට යන චන්ද්‍රයාන්

සඳ මෙහෙයුමට යන චන්ද්‍රයාන්

ඉන්දියාවේ සඳ තරණය කිරීමේ මෙහෙයුමට එක්වන චන්ද්‍රයාන් 3 යානය අද පස්වරුවේ දියත් කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය අභ්‍යකාශ පර්යේෂණ ආයතනය හෙවත් ඉස්රෝ මගින් මෙම මෙහෙයුමට වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් බිලියන 6.5 ක්.

වසර 13 කට පසු සිදුකෙරෙන මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් ඇමරිකාව, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මතට මෘදුගොඩබෑමක් සිදුකළ සිව්වන රට බවට ඉන්දියාව පත්වනු ඇති.

එල්.වී එම් ත්‍රී රොකට්ටුව මගින් සටිස් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදි චන්ද්‍රයාන් 3 යානය අභ්‍යවකාශ ගත කිරීමට නියමිතයි. එය ලබන මස 24 දා සඳ වෙත ළඟාවීමටයි සැළසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

https://tinyurl.com/4kc89v23