චීනයේ තරුණ පිරිස් අතර විරැකියාව ඉහළට

චීනයේ තරුණ පිරිස් අතර විරැකියාව ඉහළට

චීනයේ තරුණ පිරිස් අතර විරැකියාව ඉහළ ගොස් ඇති බවට වාර්තාවනවා.

ජූනි මාසයේ පමණක් විරැකියා අනුපාතය 21.3%ක් ලෙස සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීනයේ අවුරුදු 16ත් 24 අතර වයස්වල පසුවන තරුණ පිරිසෙන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුට රැකියාවක් නොමැති බවයි එම වාර්තා පෙන්වා දෙනවා.

මේ වසරේ ඉදිරි කාලය තුළ චීන විශ්වවිද්‍යාල උපාධිධාරීන් මිලියන 11.58ක් එරට රැකියා අපේක්ෂා කරනු ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ජූනි මාසය අවසානය දක්වා ගතවූ මාස තුනක කාලය තුළ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චිනයේ ආර්ථික වර්ධනය සටහන්ව ඇත්තේ සියයට බින්දුවයි දශම අටක් ලෙසයි.

https://tinyurl.com/mufcnm8k

COMMENTS