උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

උතුරු කොරියාව අද (19) අළුයම බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ පවසනවා.

ඒ දශක හතරකට පසුව ප්‍රථම වරට ඇමරිකානු බැලස්ටික් මිසයිල සබ්මැරීනයක් දකුණු කොරියාවට පැමිණ පැය කිහිපයකට පසුව වීම විශේෂත්වයක් මෙම මිසයිල දෙකම ජපානයේ සුවිශේෂි ආර්ථික කලාපයෙන් පිටත වැටී ඇති බව ජපාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දකුණු කොරියාව කියා සිටියේ මෙවැනි අත්හදා බැලීම් කොරියානු අර්ධද්වීපයේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේ සාමය සහ ස්ථාරවත්වය අඩපණ කිරීමක් බවයි.

එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාව පැහැදිලිව උල්ලංඝනය කිරීමක් බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

https://tinyurl.com/ftjh35t6

COMMENTS