සංක්‍රාන්ති ලිංගික නිරූපිකාවකට නෙදර්ලන්ත රූ රැජින කිරුළ
නෙදර්ලන්ත නිරූපිකාවක් වන රිකී වැලරි කෝලේ නෙදර්ලන්ත රූ රැජින කිරුළ දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
මෙම කිරුළ සුවිශේෂී වන්නේ ඇය සංක්‍රාන්ති ලිංගික නිරූපිකාවක් වීම නිසයි.
අවුරුදු 22ක් වන රිකී වැලරි නෙදර්ලන්ත රූ රැජින කිරුළ හිමිකර ගත් එරට පළමු සංක්‍රාන්ති ලිංගික කාන්තාව බවට පත් ව තිබෙනවා.
මෙම ජයග්‍රහණයත් සමග ඇය මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා සුදුසුකම් හිමිකර ගෙන ඇති අතර ඇය ලෝක රූ රැජින කිරුළ හිමිකර ගතහොත් ඇය එම කිරුළට හිමිකම් කියූ පළමු සංක්‍රාන්ති ලිංගික කාන්තාව බවට පත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.
මෙම ජයග්‍රහණයත් සමඟ ඇය පවසා සිටින්නේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් ලෙස ඇයට අභියෝග රැසකට ද මුහුණදීමට සිදු වූ බවයි.
එමෙන් ම ලෝක රූ රැජින තරගාවලියට එක් වීම සඳහා තමන් නොඉවසිල්ලෙන් පසුවන බවයි ඇය වැඩිදුරටත් පවසා සිටියේ.