යුක්රේනයේ ලෝක උරුමයකට රුසියාවෙන් මිසයිල ප්රහාරයක්
යුක්රේනයේ ඔඩේෂා වරාය නගරයට රුසියාව එල්ල කළ මිසයිල ප්රහාරයකින් යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඕතඩොක්ස් පල්ලියක් විනාශ වී තිබෙනවා.
මෙම ප්රහාරයෙන් එක් අයෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මෙම දේවස්ථානය ඔඩේසා හි විශාලතම පල්ලිය වන අතර, එය ඉදිකර ඇත්තේ 1809 වසරේදීයි.
රුසියාවේ මෙම ප්රහාරය යුනෙස්කෝවද හෙළා දැක තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලැදිමිර් සෙලෙන්ස්කි කියා සිටියේ රුසියාවේ මෙම ප්රහාරයට අනිවාර්යෙන් ප්රතිප්රහාර එල්ල කරන බවයි.