උණුසුම්ම මාසය ජූලී
ජූලි මාසය ස්ථිර වශයෙන්ම ලෝකයේ වාර්තාගත උණුසුම්ම මාසය බවට පත්වනු ඇති බවට විද්‍යාඥයන් පවසනවා.
මෙය පසුගිය වසර එක්ලක්ෂ විසි දහස තුළ වාර්තා වූ උණුසුම්ම මාසය එය විය හැකි බවටයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ.
ලෝකය පුරා තාප තරංගවල බලපෑම හේතුවෙන් උෂ්ණත්වය වාර්තාගත ලෙස මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය 6 වනදා සිට මේ දක්වා උණුසුම්ම දින 23 මෙම මාසයේ වාර්තාවී තිබුණා.
එහි සාමාන්‍ය සෙල්සියස් අංශක 16.95 ක් වන අතර, මීට පෙර වැඩිම උෂ්ණත්වයක් වාර්තාවී තිබුණේ 2019 වසරේ ජූලි මාසයේදියි.