මනුරංග විජේසේකරගේ උපන්දිනය අද

මනුරංග විජේසේකරගේ උපන්දිනය අද

ජනප්‍රිය ගී පද රචකයෙකු මෙන්ම සම්භාවනීය නිවේදකයෙකු ලෙස තාරුණ්‍යයේ හදවත් ස්පර්ෂ කළ මනුරංග විජේසේකරගේ උපන්දිනය අදට (29) යෙදී තිබෙනවා.

“රම්බරි” ගීතය තුළින් ගී පද රචනා ක්ෂේත්‍රයට පැමිණි මනුරංග විජේසේකර කියන්නේ නව පරපුරේ ගායකයන්ට අපූරු පදමාලා නිර්මාණය කරලා දෙන ගේය පද රචකයෙක්.

ගී පද රචනය පමණක් නෙවෙයි, ඔහු නිවේදනය ඔස්සේ ද දක්ෂතා අතරට පැමිණ තිබෙනවා. මනුරංග සහ ලහිරු කියන සුසංයෝගයෙන් ඉතාම වෙනස් සංගීත හැඩයක් පවා බිහි වුණා.

බොහොමයක් දෙනා ආදරය කරන නිහතමානී චරිතයක් තමයි මනුරංග කියන්නේ,

“My newslanka” අපි ඔහුට සුබ උපන්දිනයක් කියන ගමන් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු වලටත් සුබ පතනවා.